Ira Hoyan Yamu Lyrics
ඉර හොයන් යමු ඉර හොයන් යමු
හඳ නෙවෙයි ප්රශ්නේ
මට බයයි මං ගැන නෙවෙයි
දරුවො බඩගින්නේ
සිංහයෝ අපිටම කොටන්නද
කඩුව අරගත්තේ
චීන මකරුන් හිටන් ඉන්නව
උඹේ පිටිපස්සේ
අත දරුවො ඇකයේ හොවාගෙන
සටන් බිම පීරූ
පිරිමින්ට කිරි එරෙනවා
ඒ ගෑනු නම් ගෑනූ
සුවර්ගෙට යන ශෝට්කට් නෑ
සුරන් මල් ඉහපූ
කවර් කරගෙන සිටින ලෙන්දොර
සුවර් අපි බිඳිමූ